Description
ඔවුහු රජ දරුවෝ ය.ශ්‍රි මහ බෝධියේ දක්ෂිණ ශාඛාව වඩම්මවා ගෙන සංඝමිත්තා මහා රහත් තෙරණීන් වහන්සේ සමඟ පාටලී පුත්‍ර නඟරයෙන් ශ්‍රි ලංකාවට සැපත් ව සිංහලේ මහා ජාතියට එක් වුණූ රජ දරුවෝය. වසර දෙදහස් පන්සිය කලක් සොළොස් මහ වන්නි අතුරින් මහ වන්නියේ පාලනය භාර ව ජය ශ්‍රි මහ බෝධි භාරකාර ධුරය ඉසිලූ සුරිය කුමාර වන්නිසිංහ සත්පත්තු බණ්ඩාර මහ බණ්ඩාර බුලන්කුලම මහවන්නි උන්නාන්සේලාගේ මෙකී කථා පුවතින් නුවරකලාවියේ කථාව ද කෙළවර වන්නේ ය.