Description

කලාව පිළිබඳව බටහිර විශ්වවිද්‍යාල කිහිපයක මහාචාර්ය පදවිය උසුලා ඇති හර්බට් රීඩ් මහතා ප්‍රකට කලා විචාරකයෙකි. කලා ඉතිහාසඥයෙකි. දාර්ශනිකයෙකි. එසේ ම කවියෙක් හා ප්‍රකට කලාකරුවෙකි.

අපරදිග විචාරකයන් විසින් පෙරදිග කලා සම්බන්ධයෙන් දරනු ලබන සමහර අධානග්‍රාහි මතයන් අරුචියෙන් බැහැර කරන ඔහු කලාව හා සැබෑ නිර්මාණ කෘති අරබයා අද්භූත ප්‍රකාශන ලබා දෙන්නට තැත්කරන්නේ නැත.

කලාව පිළිබඳ ඔහුගේ දෘෂ්ටිපථය කලා මුලධර්මයන් වෙත පමණක් නොව, මිනිසා ප්‍රාථමික කලාවේ සිට නූතන කලාව වෙත යොමු වන ආකාරය දක්වා ද විහිදෙයි. බටහිර පමණක් නොව මැද පෙරදිග, ඉන්දියාව, චීනය හා රුසියාව වැනි රටවල කලා සම්ප්‍රදායන් වෙතට ද ඔහු යොමු වන හෙයින් මෙය කලාව පරිශීලනය හා කලා විචාරය අරබයා ලියැවුණ උසස් ග්‍රන්ථයක් ලෙස මහත් බුහුමනට ලක්වෙයි.

Additional information

book-author

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.