Description

දියමන්ති ඔටුන්න

“උඹ මහා තක්කඩි හොරෙක්! උඹට ලජ්ජා නැද්ද මිනිහෝ මේ ඔටුන්න අරගන්න?කාලකණ්ණියා උඹ මේ ඔටුන්න විනාශ කරලා මගේ මුණේ දැලි ගෑවා ! කෝ උඹ මේකෙන් හොරකම් කළ මැණික් ගල් ?

දෙවැනි ලේ පැල්ලම

”මේ කාරණා එළිවුණොත් යුරෝපා මහද්වීපය පුරා මහ භයානක තත්වයක් උද්ගත වෙනවා…. හෝම්ස් මහත්මයා අපේ රටේ අති භයානක යුද්ධයකට පැටළෙනවා නියතයි ! ”අගමැතීතුමනි……….. එහෙනම් සූදානම් වෙන්න යුද්ධයකට! ”

ඉංජිනේරුවෙකුගේ අත්දැකීමක්

”දෙයියන්ට ඔපුපු වේච්චාවෙ ! මේක බරපතල තුවාලයක්.හුඟක් ලේ ගලා යන්න ඇති.මොන ආයුධයකින් ද මේක සිදු කළේ? ” “‘මස් කෑපිමට ගන්නා යෝධ පිහියකින්! සිතා මතා එල්ල කළ මාරාන්තික ප්‍රහාරයක් !”

තිත් වැටුණු පටිය

“එදා රාත්‍රියේ පළාතම දෙදරවන මහ හඬක් නංවමින් කුණාටුවක් හැමුවා ඒ එක්කම ධාරානිපාත වර්ෂාවක් කඩා හැළුණා.ඒ මහ ශබ්දය මැද්දේ එක්වරම……!” …….අපට අහන්නට ලැබුණේ බිහිසුණු මරලතෝනියකි.එවැනි භයංකාර විලාපයක් මා කිසිදිනක අසා නැත.එයන් මගේ ඇඟම සීතල වී ගියේය.

Additional information

book-author