Description
ඊජිප්තුවේ ඉපැරණි සොහොන් ගැබක පුරාවිද්‍යාත්මක ගවේෂණයක යොදන විද්වතුන් කණ්ඩායමකි. ඔවුනට හවුල් වීමට රෝසි,ජැකී,සුරංග ඇතුළු මිතුරුමිතුරියන්ට අවස්ථාවක් ලැබේ.
“……මැරියට් නම් පුරාවිද්‍යාඥයා ඔහුට හමුවුණු පුරාවස්තු සම්භාරයක් අඩංගු පෙට්ටි රැසක් කාන්තාරයේ හැංගුවා. එයින් එකක නිල් දියමන්ති අඩංගු මංජුසාවක් ඇති බවට කටකතාවක් තිබුණා.”
යහළුවන්ට මුහුණදීමට සිදුවන්නේ කිසිසේත් නොසිතූ අන්දමේ ත්‍රාසජනක අත්දැකීමකට ය. ඔවුන් පසුපස ලුහුබැඳ එන්නේ කවුරුන්ද? නයිල් ගං නිම්නයේ සැඟවුු අභිරහස කුමක්ද?