Description
“කව්ද දන්නේ බං … ගෑනු විස්වාස කරන්ඩ පුළුවවං කාටද? ඒකි බුදිය ගත්තේ මාත් එක්ක විතරයි කියලා සහ සුද්දෙං කියන්නේ කොහොමද…..? ඔය ළමයත් මගෙද වෙන මොකෙක්ගෙ හරිද කියලා කව්ද දන්නේ….” තවත් කිසිවක් නොපැවසු ගුණපාල උදලු ගාන්නට පටන් ගත්තේය.ඕනෑම ගැහැනියක සමඟ නිදිවදින අසමජ්ජාතියෙකු අන්තිමේදි කියන්නේ ඔය කතාව බව ඔහු කලකීරිමෙන් සිතුවේය. “කොල්ලයි බල්ලයි දෙන්නම එකයි කියන්නේ කට කහනවටයි” “මොකද්ද කිව්වේ?” බණ්ඩාර කෝපයෙන් ප්‍රශ්න කළේ ඒ කියුම හරි හැටි නොඇසුණුු නිසා නොවේ.තවත් වරක් අසන්නටද කෝපය තවත් වඩවාගන්නට ද උවමනා වු නිසාය.