Description
“පෙම්බර ලංකා” යනුවෙන්
මෙසේ සුහද පාඨක ජනතාව අතට
පත් කැරෙන්නේ ආර්. එච්. බැසට් නම්
විජාතිකයකු විසින් ලියැවුණු ROMANTIC CEYLON
නමැති සුප්‍රකට කෘතියේ සිංහල පරිවර්තනයයි.
ඉංග්‍රීසි පොත ප්‍රථම වරට 1929 දී ප්‍රකාශයට පත් වූවකි.
සිංහල, දමිළ, මුස්ලිම් හෙවත් මුවර් හා යුරෝපා ජාතීන් අතර
පැවැති ප්‍රබල සමගිය අවධාරණය කරමින් ඇරැඹෙන මේ ග්‍රන්ථයෙහි
එදා ජන ජීවිතයත් මෙහි විසූ සියලු ජන කොටස්වල විවිධ සාස්කෘතික
ලක්ෂණත් මිත්‍යා විශ්වාස හා ඇදහිලි යනාදියත් චමත්කාරයෙන් විවරණය කැරෙයි.
සිංහල රාජ වංශයේ ඇතැම් තොරතුරු මෙන් ම ඉන්දීය, පෘතුගීසි, ලන්දේසි
හා බ්‍රිතාන්‍ය ආක්‍රමණ පිළිබඳ ඓතිහාසික කරුණු පමණක් නොව
ඒවා මෙරට ජන ජීවිත කෙරෙහි බල පෑ ආකාරය ද මෙහි සැකෙවින් දැක්වෙයි.
Reviews
There are no reviews yet.