Description
“මහත්මයාට මැරිච්ච ගෑනු එහෙම ඕනැද?”
“එපා බොහොම ස්තූතියි “.
“ලාභෙට දෙන්න පුළුවනි.අප අතර තියෙන මිත්‍රකම නිසා ගැහැනියකට රූබල් එක ගණනේ ගෙව්වම ඇති ”
“මට ගැහැනුන්ගෙන් ප්‍රයෝජනයක් නැහැ”
“එපා නම් මොනවටද ඔය තරම් කරදර කරන්නෙ?,තමාගෙ කැමැත්ත හැටියට .තමන්ගෙ මට්ටං තම්මැට්ටං කිව්ව වගෙයි.සමහරු පූජකයාට කැමති වෙනකොට තවත් සමහරු පූජකයගෙ අඹුවට කැමතිලු”
.
ගොගොල් තමන්ගේ විශිෂ්ටතම නවකතාව වූ “මළ මිනිස්සු” නවකතාව ලියා පළ කළේ 1842දීය. මළ මිනිස්සු කෘතියට පාදක වූයේ මළ දාසයන් මිලයට ගන්න චිචිකෝව්ගේ කතාවයි. මළ දාසයන් මිලයට ගනු පිණිස චිචිකෝව් රුසියාව පුරා සංචාරය කරයි. මේ සංචාරය තුළින් එවකට සමස්ත රුසියානු සමාජයේ පැවැති ආර්ථික සමාජීය දේශපාලන ව්‍යූහයන් රචකයා කදිමට විස්තර කරයි.