Description
ඔහු රථය පළ ගන්වා තුනී සිනාවෙන් බලා සිටිනා ඇයට අත ඔසවා ආචාර කලේය.ඇය මදක් එසවුණු අතින් ඔහුට සමු දුන්නාය. රථය ඉදිරියට ඇදෙන්නට විය.දම් පැහැති මල් පෙති වින්ඩ්ස්ක්‍රීනය දිගේ ඉහළ නැගි දෙපසින් වහ අතුරුදන් වේ.ඒ කෘශ ගස වියපත්ව එහෙත් තවමත් මල් නොවරා බලා සිටින්නේ කුමක් සදහා ද? තම පපු කුහරය කිසියම් බර යමකින් පිරී යනු ඔහුට දැනේ.සියල්ල සිදු වි සැලකිය යුතු කාල පරිච්ජේදයක් ගත වී අවසන් ය.ඈ යථාවට මුහුණ දී ජිවිතයට අරුතක් සොයාගෙන සිටින්නාක් මෙනි.එහෙත් තමා?