Description

බෘෘනෝ ආපිට්ස්ගේ ‘වෘකයන් අතර නග්නව’ කතාවට පාදකවන්නේ බුක නැමැති ගසින් පිරි වනය කපා ගොඩනඟන ලද ‘බූකන්වොල්ඩ්’ හිරකඳවුරේ ජාතීන් දහ අටකට අයත් සිරකරුවන් 60,000 ක් පරම සන්තුෂ්ටිය ලබන්නේ කුඩා දරුවකු නාසි හමුදාවට හොර රහසේ ඇති දැඩි කිරීමෙන් ලබන ආත්ම තෘප්තියෙනි.
සියදිවි දෙවැනි කොට සිරකරුවෝ එකාවන්ව මේ කුඩා දරුවා රකිති. ඔවුන්ගේ ජීවිතාශාව දල්වන ප්‍රබලතම සංකේතය මේ කුඩා දරුවා ය.
“බෝතේ තම අදහස පැහැදිලි කරන්නට විය.
“මේ වළේ මුල්ලක දරුවට ඉන්න ‍තැනක් පිළියෙළ කරන්න පුළුවනි. විශ්වාස තැබිය හැකි සහෝදරයන් බොහොම රහසින් දරුවාට අවශ්‍ය කෑමබීම ගෙනත් දිය යුතුයි. දරුවට සැඟවී ඉඳල හොඳට පුරුදුයි.

Additional information

book-author