Description

සදාදර රෝසි කතාවට පාදක වන්නේ කුඩා කාලයේ සිටම හොදම යහලුවන් වූ රෝසි සහ ඇලෙක්ස් ය . සිය පියාට අලුත් රැකියාවක් ලැබීම නිසා දාහත් හැවරදි ඇලෙක්ස්ට අයර්ලන්තයේ ඩබ්ලින්වලින් පිටවී රෝසි ගෙන් වෙන් වී ඇමරිකාවේ බොස්ටනවලට යන්නට සිදුවෙයි .

ක්‍රමයෙන් වැඩිවියට පත්වන ඔවුන්ගේ ජීවිත කාලය සහ අනේකාකාර සිදුවීම් විසින් දෙ අතක ගෙන යනු ලබයි. ඔවුන්ට ඔවුන් මඟ හැරී යයි. ඔවුන් කෙරෙහි ඇති ආදරේ හෙළි නොකර දශක ගණනාවක් ජීවත් වන්නට ඔවුන්ට සිදු වෙයි .

සදාදර රෝසි සම්පූර්ණයෙන්ම ලියා ඇත්තේ ලිපි , ඊමේල් ,කාඩ්පත් සහ චැට් පණිවිඩ මාර්ගයෙනි. සාම්ප්‍රදායික කියවීමේ කතාවකට හුරු වී සිටින පාඨකයාට මුලදී ඒ කියවීම අමුතු දෙයක් මෙන් දැනෙනු ඇත. එහෙත් පොත ලියැවී ඇති නුහුරු ක්‍රමයට හුරු වූ විට සදාදර රෝසි හදවතේ සතුට වේදනාව සෙනෙහස ඇති කරවන කතාවක් බව ඔබට වැටහෙනු නොඅනුමානය. එය ඒ තරම්ම හෘදයංගම ලෙසින් ලියැවී ඇත.

මේ කතාවේ හාස්‍යයද අඩු නැත. හඬ හඬා සිනාසෙන්නට තරම් හාස්යජනක ලෙස එහි ලිපි, ඊ මේල් ,කාඩ්පත් සහ චැට් පණිවිඩ ඔස්සේ සිදුවන චරිත ගොඩනැගීම ඉතා මනහරය .

Additional information

Weight 225 g
book-author