Description

එක් දිනක් හවස කෑම කා විවේක ව සිටින හෑන්ස් වැදි පිරිස අමතා, “හෙට මම ගමනක් පිටත් වෙලා යනවා හුඟ දවසකට ආපහු එන්නෙ නෑ” යි කී ය. මෙයින් පුදුමයට පැමිණි බවක් පෙන්නූ රන්දුනා, “අර හාමුදුරුවන් ඉන්න ගල් ගෙට යනවා නෙ මෙයි මම හිතනවා. ඇයි එහෙ ආයෙමත් යන්නෙ නැහැ කීවා නේ.” යි පැවසී ය.

“නෑ. මම ගිහින් එන්ඩ ඕනෑ මා කලින් හිටපු විල අද්දරට. එහෙ මගෙ යාළුවන් කීප දෙනෙක් ඉන්නවා. මම ගිහින් ඔවුන් දැකලා එන්නට ඕනෑ.”

“මොන යාළුවන් ද? අපි හිතාගෙන හිටියෙ මෙහාට එන්න ඉස්සර වෙලා කිසි ම යාළුවකු හිටියෙ නෑ කියාලායි.”

“ඔව්, මිනිස් යාළුවන් මට හිටියෙ නැහැ. ඒත් මට එහෙදි කිරි දීපු මී දෙනක්, නයකුගෙන් මගෙ දිවි ගළවා දීපු මුගටියෙක්. ඒ ඔක්කෝට ම වඩා මිත්‍ර සුදු ගෝන නාම්බෙක් එහෙ ඉන්නවා.”

රනීගේ දෙනෙත මහත් විය.

“අපි සේරම යමු. මාත් ආසයි ඒ විල් එළිය දකින්න.”

Additional information

book-author

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.