Description
බීගල්ස් සුඩාන ජාතිකයාගේ පිහිය පැහැරගෙන වේගවත් පා පහරකින් ඔහු අට්ටාලයෙන් පහතට පෙරළා දැමුවේත් අහසට නැගුණු දුම්, ගල් හා වැලි වර්ෂාවකින් කෙළවර වු පිපුරුම් හඬක් මෑතින් ශ්‍රවණය වුයේත් එක ම මොහොතේ ය. පිපිරිමෙන් හටගත් දෙදරුම පහ ව යන්නටත් මත්තෙන් බොහෝ ඈතින් නැගෙන ගර්ජනාවක් බඳු හඩක් ගුවනට මුසු විය. තවත් තත්පර කිහිපයකින් ම සුදු පැහැති පෙණ සමුදායක් නංවමින් අඩි විස්සක් තරම් උස් වු දැවැන්ත ජල කඳක් දුර්ගය ඔස්සේ පහතට ගලන්නට වූයේ ය.