Description
සුවඳ තොටුපොළ’ ප්‍රබන්ධ කතාවක්ම නොවේ. ඒ, 2000 වසරේ හොංකොංහි පදිංචියට පැමිණී මා හට විඳින්නට ලැබුණු අත්දැකීම්, අසන්නට, දකින්නට ලැබුණු දේ අර්ධ – මනඃකල්පිත වර්තයන් ගොන්නක් තුළින් නිරූපණය කරන්නට ගත් උත්සාහයකි.
එදා මෙදා තුර වසර 15 ක් පුරාවට හොංකොංහි ජීවත් වන මා තුළ, එදා මේ පුරවරය සම්බන්ධයෙන් වූ අදහස් අද වන විට වෙනස් වී තිබෙන්නට පිළිවන. එහෙත් මේ කතාව ලියන මොහොතේදී මට උවමනා කර තිබුණේ පළමු වතාවට හොංකොං වෙත එන ශ්‍රී ලාංකික යුවතියකගේ දෑසට පෙනෙන, සුවඳ තොටුපොළ, කියවන්නාටද ඒ අයුරින් දැකගැනීමට සැලැස්වීමය.
එහෙයින් ‘සුවඳ තොටුපොළ’ යනු සංකල්ප රූපයන් මවමින්, හොංකොං පුරය පුරා පාඨකයාව සංචාරයක ගෙන යන රූප රචනා සංචාරක ප්‍රයාණයක් ලෙසින් හැදින්විමේ වැරැද්දක් නොමැත.