Description

වර්ෂ 1930 දී චීනය කෙරෙහි එල්ල වන ජපන් ආක්‍රමණයේ දී දිවි ගලවා ගැනීම උදෙසා චීනය අතැර පලායන වයස දහ හතරක් වූ යෞවනයෙකු හා ටිබෙට් ජාතික වෛද්‍යවරයකු සදාකාලික හිමෙන් වැසුණු හිමාලය තරණය කරමින් ටිබෙට් දේශයට යන අතිදුෂ්කර ගමනක කතා පුවතක් වූ King of the cloud forests රචනා කොට ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතික මයිකල් මෝපර්ගෝ යි. ආදරය, අහිමිවීම හා මිත්‍රත්වය පෙරටු කොට ගත් අවබෝධය තුළින් එකිනෙකාට සමීප වූ අර්ධ මිනිස් හා අර්ධ වානර ජීවින් කොටසක් වූ ‘යෙටී’ න් හා සෙනෙහසින් ගත කළ සිහින සමයක අත්දැකීම් සිය ජීවිතයට නතු කරගත් යෞවනයකු අත් දකින ජීවිතය ඔබ මෙහි කියවනු ඇත. චීනයේ සිට හිමාලය ඔස්සේ එහි කඳු පාමුල තිබ්බතය කරා යන අලංකාර වූත්, විස්මිත වූත් අනපේක්ෂිත උපද්‍රව සහිත වූත් ඒ අතිදුෂ්කර ගමන ‘හිම බිම මැදින්’ යනුවෙන් මෙසේ ඔබ අතට පත් වේ.

Additional information

book-author

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.