
අපේ අරමුණු සහ අප පිලිබඳ තොරතුරු

“සයිබර් අවකාශයේ පාඨක නවාතැන” යන ආදර්ශය මුල් කරගත් අප ආයතනය 2021 වසරේ අගෝස්තු මස 26 දින සිට රජයේ ලියාපදිංචි අංක W/ATH/L/11724 යටතේ ක්‍රියාත්මකවන සම්පුර්ණ අන්තර්ජාල පොත්හලකි. අපගේ බලාපොරොත්තුව වන්නේ පාඨකයන්ට වට්ටම් සහිත මිලට පොත් ලබා දීමටත් ඔවුන්ගේ කාලය ශ්‍රමය මෙන්ම පොත් මිලදී ගැනීමට යාම සඳහා ඉන්ධන හෝ ප්‍රවාහන ගාස්තු වෙනුවෙන් ඔවුන් වැයකළ යුතු මුදලින් තවත් එක පොතක් හෝ මිලට ගැනීමට අවශ්‍ය පහසුම්කම් සැලැස්වීම වේ.
මෙම අරමුණ සාර්ථක කර ගැනීම පිණිස අපගෙන් පොත් මිලදී ගන්නා පාරිභෝගිකයන් හට තරඟකාරී වට්ටම් පිරිනමනු ලබන අතර මාසික හෝ වාර්ෂික දිනුම් ඇදීම් මගින් ජයග්‍රාහකයන්ට ඔවුන් අප වෙබ් අඩවිය වෙත වැය කල මුදල හා සමාන මුදලකට නැවතත් නොමිලේම පොත් ලබා ගැනීමේ පහසුකම සලසා ඇත. එමෙන්ම අප පාරිභෝගිකයන් හට ගුණාත්මක සේවයක් සලසනු වස් පොත් පාර්සල් කිරීමේදී ඉතා ආරක්‍ෂිත ලෙස ඒවා ඔබට ලබාදීමට ගත හැකි ඉහලම ක්‍රියා මාර්ග අප විසින් අනුගමනය කරනු ලැබේ.
අප විසින් විකුණනු ලබන්නේ අලුත්ම පොත් පමණි. පැරණි මිල ලෙස සඳහන් කර ඇත්තේ 2022 වර්ෂයේදී සිදුවූ ආර්ථික වෙනස් වීමට ප්‍රථම මුද්‍රණය කල පොත් වේ.
අපගේ දුරකථන අංකය: 0777068452
අපගේ ලිපිනය : ඩී-05, වේටෙක්ස්, බණ්ඩාරනායක මාවත, වේයන්ගොඩ