Description
වර්ණ භේදය දැඩිව පවතින ඇමරිකා එක්සත් ජනපදය, බරක් ඔබාමා වැන්නකු තම රටේ ජනාධිපති වෙතැයි මුලදි අපේක්ෂා නොකළේ ය. ඔහුගේ මැතිවරණ ව්‍යාපාර වලදි ඔහු මුස්ලිම් ජාතිකයෙක් බවට කියන ලදී, ඔහුට නිත්‍යානුකූල උප්පැන්න සහතිකයක් නැතැයි පවා අවමානයට ලක් කරන ලදී. එහෙත් ඒ සියලු අභියෝග හමුවේ ඇමරිකාවේ හතළස් හතරවෙනි ජනපති වු බරක් ඔබාමා අභියෝග රාශියකට මුහුණ දෙමින්, නමුත් ඉතා සාර්ථකව තම සම්පූර්ණ ධුර කාලයන් ගත කර, නියමිත කාලයේ සියලු පුරවැසියන්ගේ කඳුළු සහ ආදරය මැදින් විශ්‍රාම ගත්තේ අප රටේ නායකයන්ට ද කදිම ආදර්ශයක් සපයමිනි.
ඔහු ලොව බලවත්ම රටෙහි ජනාධිපති වුව ද සිය බලය අයුතු ලෙස යොදවා මුදල් වංචා නොකළේ ය, තම දරුවන්ට යහපත් පියෙක් වුයේ ය, තම බිරිඳට විශ්වසනීය සැමියෙක් වුවේය.
එවැනි ආදර්ශවත් නායකයෙකුගේ ළමා කාලය මෙන්ම අභියෝගාත්මක ධූර කාල දෙකෙහි තොරතුරු, සමන් පුෂ්පා ගුණසේකර මහත්මිය විසින් ‘බැරීගේ සිහිනය’ නමින් පරිවර්තනය කර ඇත.
මෙවැනි යහපත් ආදර්ශවත් නායකයන්ගේ ජීවන කතා ඉදිරියටත් සිංහල පාඨකයා වෙත ගෙන ඒමට ඇයට ශක්තිය සහ ආශිර්වාදය පතමි.
– නීතිඥ පුර්ණිමා ගුණසේකර
Reviews
There are no reviews yet.