Description

ජෙරුසලමේ වංශවත් පවුලකින් පැවතෙන යුදෙව් ජාතික ජූඩා බෙන්-හර් නම් කුමාරයා, තමාගේ ළමා වියේ මිතුරා වූ ‘රෝමානු මෙසාලා’ ගේ පළිගැනීමට ලක්ව රෝම යුද නෞකාවක වහලෙකු ලෙසට යවන ලබයි. නමුත් සීසර් කෙනෙකු මෙන් ධනවතෙකු බවට පත්වූ බෙන්-හර් නැවත තම මව් බිමට පලිගැනීමේ චේතනාවෙන් හා අහිමි වූ තම මව් හා නැඟණිය සෙවීමේ අභිලාශයෙන් පැමිණෙයි. ඔහු විසින් ‘මෙසාලා’ සමග පෙළහර දැක්වූ තුරඟ රථ ධාවන තරගය හා ඔහුගේ පරම සතුරා වූ ‘මෙසාලා’ හා රෝම අධිරාජ්‍යයට එරෙහිව ඇති බද්ධ වෛරය හා පලිගැනීමේ චේතනාවද, ඔහුගේ බලාපොරොත්තු සුන් බවට පත්වූ කි‍්‍රස්තුස්ව කුරුසියෙන් මුදවාගැනීමේ ප‍්‍රයත්නයද මෙම ග‍්‍රන්ථයෙහි උච්ඡු අවස්ථාව ලෙසින් දක්වා ඇත. මෙය කි‍්‍රස්තුස් ගේ කතාව ලෙසට හඳුන්වනු ලැබූවත් කි‍්‍රස්තුස් ප‍්‍රධාන චරිතය බවට පත් නොකොට, කි‍්‍රස්තු චරිතයට හානියක් නොවන අයුරින් බෙන්-හර් හා කි‍්‍රස්තුස් සම වයසේ අයවළුන් ලෙස දක්වමින් කතාව මනා ලෙස ගොඩනංවා ඇත. 1959 දී තනන ලද බෙන්-හර් චිත‍්‍රපටය හා එය විසින් ලබාගත් වාර්තාගත ඇකඩමි සම්මාන එකොළහ හේතුවෙන් 1960 වසරේදී නැවතත් මෙම ග‍්‍රන්ථයේ අලෙවිය සීඝ‍්‍ර ලෙසින් වර්ධනය විය.

Additional information

Weight 1000 g
book-author

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.