Description
ගොඩක් අයට තමන්ගේ දහසය වෙනි උපන්දිනේට ලැබෙන්නේ තෑගි බෝග. ඒත් මට නම් ලැබුණේ ලෝකය විනාශ කිරීමට හෝ බේරා ගැනීමට හැකියාව ඇති අනාවැකියක්. මුහුදට අධිපති දෙවියන් පොසෙයිඩන්ගේ පුතා වුණා ම ඔය වගේ දේවල් වෙනවා. පෞරාණික අනාවැකියකට අනුව මට අවුරුදු දහසය ලැබුවා ම මුළු ලෝකයේම ඉරණම මගේ කර පිටට පැටවෙනවා. ඒත් මොකට බය වෙනවද? දැන් ටයිටන්වරුන්ගේ රජා ක්‍රෝනොස්ගේ නිව්යෝර්ක් නගරය ආක්‍රමණය වෙලයි තියෙන්නේ. ඒ මදිවට මහා භයංකර රාක්ෂයා ටයිපූන් අපිව විනාශ කරන්න මග එනවා. මේ අපරිමාණ විනයට එදිරිව සටන් කර ලෝකය ගලවා ගන්න මටයි මගේ උප දෙවි යහළුවෝ හතළිස් දෙනාටයි කරන්න පුළුවන් මොනවද?