Description
ඇය සිටියේ සිහියෙන් නොව, අසිහියෙන් නොව; විටෙක සිහියෙනි. විටෙක අසිහියෙනි. සිහියෙන් සිටින විට වරින් වර ඇය තම දරුවන් සැම කැඳවා වයසේ පෙළට ඉඳුවයි.
‘කොයි දෙවැනි පුතා?’
ඇය අසයි; ඉක්බිතිව මහ හඬින් හඬයි. බිත්තිය අල්ලාගෙන, බිත්තියට හිස බාගෙන ඇය හඬයි. ඉක්බිතිව ඇය බිත්තියේ හිස ගසාගනී. දරුවන් ඇය අල්ලා රැගෙන ගොස් ඇඳේ බහවනු ලබයි. ඉන්පසු නැඟී සිටින ඇය දරුවන් එකිනෙකා බදාගෙන එකිනෙකා සිප වැළඳ ගනිමින් ඔවුන්ගේ කුඩා කාලය ගැන කියමින් හඬයි. ඇය ඔවුනොවුන් පටලවාගෙන තම සිතේ ඇති අතීතයට යයි. එවිට සියල්ලෝම හඬති.
සැමියන් දෙදෙනෙකු පිනවා, ඔවුන්ගේ දරුවන් දරා, ඒ දරුවන් වදා, ඒ දරුවන්ට කිරිපොවා, දැන් නිරාහාරව සිටින ඇය මහත් සේ දුෂ්පෝෂණයෙන් පෙළුණා ය. නරහාරව සිටීමත් දුක් කෑමත් නිසා ඇය දිනෙන් දින වැහැරුණාය.
Reviews
There are no reviews yet.