Description

ආර්සෙන් ලූපින් අත් අඩංගුවට – “ආර්සෙන් ලූපින් ඔයාලගෙ නැවේ ඉන්නවා, පළවැනි කැබින් එකේ කොණ්ඩෙ තඹ පාටයි, දකුණු යටි බාහුවේ තුවාලයක්, තනියම ගමන් කරන්නේ, පාවිච්චි කරන නම R…” සිරගත කළ ආර්සෙන් ලූපින් – “මහත්මයා, තමන් කරන්ඩ ඉන්න හොරකම් ගැන කල් තියා අනතුරු අඟවන එක හොරුන්ගේ සිරිතක් නෙවෙයි. විශේෂයෙන් ම, ආර්සෙන් ලූපින් නම් කිසිම දවසක ඒ වගේ මෝඩකමක් කරන්නෙ නැති වෙයි.” “ඒ වුණත්…” “මහත්මයා, මගේ හිතේ පුංචි ම සැකයක්වත් තිබුණා නම්, මාව විශ්වාස කරන්ඩ, ආර්සෙන් ලූපින්ව ආයෙමත් වතාවක් අල්ල ගන්න ලැබෙන සතුට වෙනුවෙන් මම ඔබතුමාගේ පිහිටට එනවා. ඒත්, අවාසනාවකට, ඒ තරුණ හාදයාව දැනටමත් හිර කූඩුවකට දාලා ඉවරයි.” ආර්සෙන් ලූපින් පලා යයි – “මම ඔබතුමාගෙන් ඉල්ලන්නෙ, මහත්මයා, මං ගැන කරදර වෙන්න එපා. මම පැනලා යන්න හිතන වෙලාවට, මට කාගෙවත් ආධාර උවමනා වෙන්නෙ නැහැ.” අබිරහස් මඟියා – “බාහ්! මම කොහොම හරි උත්සාහ කරලා බලන්න ඕනෑ, මේක ටිකක් අමාරු සෙල්ලමක් වෙන්න පුළුවන්, ඒත් හරි ම විනෝදජනක එකක්. ඒ වගේ වෙහෙසීමක් වෙන්න තරම් ඔට්ටුව වටිනවා.” රැජිනගේ කර මාලය – “ඩ්‍රෙක්ස් – සූබිස් පවුලෙන් සොරකම් කරන ලද ඓතිහාසික ආභරණය, ආර්සෙන් ලූපින් විසින් සොයාගෙන, එහි නියම අයිතිකරුවා අතට නැවත පත් කරන ලදී. ඒ ආකාරයේ ධීර වීර ක්‍රියාවක් අගය කිරීමට ප්‍රමාණවත් වචන අප සතුව නොමැති තරම් ය.” සහ හාරත හත කළු මුතු ඇටය ඉම්බර්ට් මැතිනියගේ සේප්පුව ෂර්ලොක් හෝම්ස් පැමිණෙන විට ප්‍රමාද වැඩි ය

Additional information

Weight 310 g
book-author