Description
තේ වත්ත මුදුනෙදි දැරණියගලට ටිකක් නුහුරු තද හුළඟක් හමාගෙන ගියේ හිටිහැටියේ හයිය ගස්වල පවා මුදුන් හොළවමින්, තද කොළ පාට කොළත් බිම හෙළමින් හමාගෙන ගිය ඒ හුළඟ තුන්දෙනාගෙම අවධානය දිනා ගත්තා. නුරා ඒ හුළඟ ඇඟේ දැවටිලා යද්දි ඇස් පියාගත්තා රාද්ගේ ඇස් මොහොතකට යොමුවුණා ඇස්පිය වුණු නුරා දිහාවට. කපිල් හුළඟේ සුවඳ විඳින්න පොඩි ඉස්පාසුවක් ගත්තා