Description

“ඇමරිකානු කළු රැජින හෙවත් මිෂෙල් ඔබාමා” හුදෙක් ඇමරිකානු ජනාධිපතිවරයෙකුගේ බිරිඳකගේ කතාව නොවේ. ඇය නීතීඥවරියකි. ආදරණිය දියණියකි, මවකි, ධෛර්ය සහ ශක්තිය දුන් බිරිඳකි.

ඇය කියවීමෙන් ගැහැණියකට අභියෝගයන්ට, විවේචනයන්ට මුහුණ දෙන ආකාරයන්, තම වෘත්තීය ජීවිතය සමගම පවුල් ජීවිතය ද පවුල් ජීවිතය සමග දේශපාලන කටයුතු ද සමබර කර ගනිමින් ජීවිතය සාර්ථක කර ගන්නා ආකාරය පිළිබඳවත් කදිම ආදර්ශයක් ලබා ගත හැක.

ඇමරිකානු කළු රැජින හෙවත් මිෂෙල් ගේ මෙම ආදර්ශවත් කතාව ඔබ වෙත ගෙන එන සමන් පුෂ්පා ගුණසේකර මහත්මිය මෙවැනිම වූ තම සිහින දිනමින් ලොව තුළ සලකුණක් තැබූ තවත් චරිත බොහොමයක් සිංහල පාඨකයන් වෙත ගෙන ආ කතුවරියකි. තවත් මෙවැනිම සැබෑ ජීවිතයේ කිසි දින හමු නොවූ එහෙත් හමුවී ඉගෙන ගන්නට බොහෝ දෑ ඇති චරිත පාඨකයන්ට මුණගැස්වීමට ඇයට හැකිවේවා යැයි මම සුබ පතමි.

– නීතිඥ තේජා පූර්ණිමා ගුණසේකර

Additional information

Weight 350 g
book-author