Description
190+ Plus 5 ශ්‍රේණිය විශේෂ ශිෂ්‍යත්ව පුහුණු ප්‍රශ්න පත්‍ර කට්ටලය 190+ Plus Grade 5 Advanced Paper Set by Potha Publications
ශිෂ්‍යත්ව ජයමඟ ලකුණු බින්දුවෙන් දෙසියයට ප්‍රශ්න පත්‍ර කට්ටල තුනකින්
ශිෂ්‍යත්ව ජයමඟ 1 පත්‍රය ගණිත ගැටළු, ඉගෙනුම් හැකියා සහ විහව්යතාමාන ඉතා ම සරල, මූලික අවස්ථාවේ සිට සංකීර්ණ ම අවස්ථාව තෙක් විද්‍යාත්මකව සැකසූ ප්‍රශ්න ඇතුළත් ය.
පරිසරය ආශ්රිත ප්‍රශ්න සෘජු දැනුම විමසන ප්‍රශ්න, ප්‍රායෝගික ක්‍රියාකාරකම් පිළිබඳ මතකය තහවුරු කරන ප්‍රශ්න, විස්තරාත්මක ව අසන ප්‍රශ්න, සමස්ත අවබෝධයෙන් අසන ප්‍රශ්න ලෙස මූලික ආකාර අනුව වර්ගීකරණය කර නැවත නැවතත් ආවරණය වන ලෙස ද මතකය තහවුරු කරන ලෙස ද ඇතුළත් කර ඇති නිසා දරුවාට අනවශ්‍ය වෙහෙසකින් තොරව සියලු විෂය කොටස් හොඳින් මතකයේ තබා ගත හැකි ය.
ගණිතය යනු පුහුණි වන තරමට හැකියාව වර්ධනය වන විෂයකි.අප සම්පාදක මණ්ඩලය සමස්ත ගණිත විෂය නිර්දේශය තුළ දරුවා විසින් වර්ධනය කර ගත යුතු හැකියාවන් හොඳින් අධ්‍යනය කරමින්, ගණිතය ප්‍රමාණවත් ව ආවරණය නොවූ දරුවෙකුට වුවත් තම හැකියාවන් ඉහළට ම වර්ධනය කර ගත හැකි ආකාරයට ප්‍රශ්න පත්‍ර කට්ටල 03හි ගණිතය කොටස් විශේෂිත සැලසුමකට සකසා ඇත.
වඩාත් සාර්ථක ප්‍රතිඵල සඳහා අපිළිවෙලට නොව, ක්රමානුකූල ව BEGINNER – INTERMEDIATE – ADVANCED ලෙස ප්‍රශ්න පත්‍ර කට්ටල 03 අනුපිළිවෙලින් අභ්‍යාස කරන්න.