Description

The Wild Bunch

වෘක රංචුවක් මෙන් නිදැල්ලේ සැරිසරමින් රත්ත්‍රන් හා මුදල් සොයමින් ගම් නියම්ගම් විනාශ කළ ඔවුහු තමන්ට එරෙහිව ආ හැම කෙනෙක්ම අනුකම්පා විරහිතව මරා දැමූහ.

මිනිසුන් මෙම කල්ලිය හැඳින්වූයේ “වයිල්ඩ් බන්ච්” යනුවෙනි. මංකොල්ල කමින්, මිනීමරමින් ජීවිතය සූදුවක් කොටගත් මොවුහු ටෙක්සාසය අමු සොහොනක් බවට පත් කළහ.

මෙම කල්ලිය මෙහෙය වූ නායකයා අති දක්ෂ තැනැත්තක වූ පයික් බිෂොප් ය. ඔහු අනුකම්පා විරහිත තැනැත්තෙක් වුව ද, තම කල්ලියට හිතේෂී විය.

ඩීක් තෝන්ටන් “වයිල්ඩ් බන්ච්” කල්ලියේ පැරණි සාමාජිකයෙකි. එහෙත් දැන් ඔහු කල්ලිය විනාශ කිරීමට ශපථ කොට සිටී. තෝන්ටන් ප්‍රතිඥා ඝාතකයෙක් නොවේ. කල්ලිය විනාශ නොකළහොත්, යළි මිහිපිට අපාය වූ යුමා බන්ධනාගාරයෙන් ඔහුට බේරීමක් නැත. ඔහු ටෙක්සාසයේ සිට මැක්සිකෝව දක්වා මිනිස් දඩයක්කරුවන් පිරිසක් සමග වයිල්ඩ් බන්ච් කල්ලිය හඹා එන්නේ වෘක දඩයමක නිරත වන ගිජුලිහිණියන් මෙනි.

එය පයික් බිෂොප් ගේ හා ඔහු ගේ කණ්ඩායමේ බිහිසුණු ගමනේ කෙළවරේ ආරම්භයයි. අවසානයේ ඔවුහු මිතුරන් හා සතුරන් වෙනුවෙන් සටන් කොට මියගිය අන්දම, රක්ත වර්ණ රුධිරයෙන් ලියැවී ඉතිහාසයට එක්වෙයි.

‘වයිල්ඩ් බන්ච්' ඉතාලියේ ඩොලර් චිත්‍රපට වලට අභියෝග කරමින් නිෂ්පාදනය වූ ඇමරිකානු ගොපළු චිත්‍රපටයට පාදක වූ කතාවයි.