Description

හිස කැරකී සිරුර අප්‍රාණික ව ගිය අචලා ඉබේ ම පුටුවට වැටුණා ය. ඇයට දැනුණේ තමා මිය ගිය බවකි. ඇගේ සිතෙහි ප්‍රාණය නිරුද්ධ වී තිබිණ.  පියාගෙන ගල් ගැසී ගත කළ බොහෝ වේලාවකට පසු ඇය විශාල හුස්මක් ඉහළ ඇද දෑස විවර කළා ය. කෙමෙන් ඇගේ සිතට යළි ප්‍රාණය එක්කාසු වී අවේ ය.

තමා පවුකරයින්ගේ නිරයේ දොරටුව වෙත තල්ලු කර දැමූ මිනිසා තනි ව යහන් ගත වී සුවසේ සැතපෙයි. මින් පසු තමාට පෙනෙන නපුරු සිහින කිසිවක් ඔහුට නොපෙනෙයි. තව ටිකකින් අවදි ව සළුපිළියෙන් නිරුවත වසා ගන්නා ඔහු සිනා රැඳී මුවින් ලෝකයට ද පෙම්වතියට ද මුහුණ දෙනු ඇත. ඒ සඳහා සොබා දහම පාපයේ සළකුණු කිසිවක් සටහන් නොවන පිරිමිකමේ වරප්‍රසාදය ඔහුට තිලිණ කොට ඇත්තේ ය.

හදිසියේ නොසිතා ම හිඳ උන් පුටුවෙන් නැගිට ගත අචලා ඇඳෙහි නිසල ව වැතිර ඇති සාගරගේ නග්න සිරුර වෙත ක්ෂණික බැල්මක් හෙළුවා ය. ලෝකයේ ඇති තාක් අවඥාව ද උපහාසය ද පිළිකුල ද ඒ බැල්මෙහි කැටි වී තිබිණ.

Additional information

Weight 280 g
book-author