Description

ටාර්සන් චරිතය මවමින් ලොව පුරා ජනාදරයට පත් එඩ්ගර් රයිස් බරෝස්ගේ The Land That Time Forgot, The People That Time Forgot And Out Of Time Abyss යන තුන් ඈඳුතු නවකතාව, කොටස් වශයෙන් නොව එක දිගට ගලා යන කතාවක් ලෙස ‘අමතක වූ දේශය' කෘතියෙන් කියවීමට ඔබට අවස්ථාව ලැබෙයි.

ඒ පළමුවැනි ලෝක යුද සමයයි. නෞකාවක ගමන් ගනිමින් සිටි ධෛර්ය සම්පන්න තරුණයක වූ බෝවන් ජේ. ටයිලර් මරණයට මුහුණ දෙන්නේ ටෝර්පිඩෝ ප්‍රහාරයක් සමඟිනි. කෙසේ හෝ දිවි බේරා ගන්නා ඔහු සබ්මැරීනයකට ගොඩ වදින්නේ සයුර මැද දී හමුවූ අසාමාන්‍ය හැසිරීම් රටා සහිත රූමතියක වූ ලීසා සමඟිනි. ඔවුන් ගේ ගමන කෙළවර වන්නේ එතෙක් ලෝකයේ නොදැන සිටි, ලෝකයට අමතකව ගිය කාලයක විසූ බිහිසුණු සතුන්, වානර මිනිසුන් සහ පියාඹන මිනිසුන් වෙසෙන අමතක වූ දේශයෙනි. කාල අගාධයක් බඳු වූ එම දේශයේදී බෝවන් ජේ. ටයිලර් ඇතුළු පිරිස විවිධ අනතුරුවලට මුහුණ දෙමින් යෙදෙන වීර චාරිකාව මෙම කෘතියෙන් ඉතා සරල සුගම බසින් රසවත්ව විස්තර කෙරෙයි.

Additional information

Weight 400 g
book-author