Availability: In Stock

අනන්ත දේශය – Anantha Deshaya

SKU: 9789553104113

Rs.375.00

In stock

Description

නාඳුනන තුවක්කු කරුවෙකුගේ වෙඩි පහරකට ලක්ව මියගිය පුද්ගලයෙකුගේ දියණියක මුහුණ දෙන අත්දැකීම් වටා ගෙතුණු මේ කතාව හරහා එක් ඉතිහාස ගත කාල වකවානුවක හට ගත් සිදුවීම් අතර සිරවෙන මිනිස් ජීවිතවල ඉරණම අප ඉදිරියේ දිය හැරෙයි.

දේශපාලන ඝාතනයක් සේ යට ගැසුණු පියාගේ මරණය හා බැඳෙන ඒ සමාජ දේශපාලන ප්‍රහසනය හමුවේ යුක්තිගරුක භාවයේ මිනිස් අපේක්ෂා ශුන්‍ය ව තිබියදී පවා සතුට සොයා යාමට යෞවනියක දරන නොපසුබට උත්සාහයක් එය අප හමුවේ නිරාවරණය කරයි.

මරණය ජීවිතයේ ම කොටසක් වූ පසු එළඹෙන යොවුන් වියේ දී ඇය අලුත් මානයකින් ලෝකය අත් විඳින්නට උත්සාහ ගන්නේ උදාවෙන සෑම දිනයක් ම ප්‍රාතිහාර්යයක් ලෙස දකිමිනි. ජයග්‍රහණය වෙත නොගිය ද, ම ඇය සන්තෘෂ්ටියේ මල් නෙලා ගන්නේ ජීවිතයේ අරුත එය නොවේදැයි පසක් කර ගනිමිනි.

Additional information

Weight 205 g
book-author