Availability: In Stock

අනායාස – Anayasa

SKU: BSLKFAST00131

Rs.450.00

In stock

Description

එයා ආදරේ කරන්න දන්නෙත් නෑ ලබන්න දන්නෙත් නෑ. එයා දරුවන්ගේ වැඩපල ඔක්කෝ ම කරනව,  ඇත්ත, කුස්සියේ වැඩපලත් ඔක්කෝ ම කරනව. එයා හිතන්නේ ඒක තමයි ආදරේ, එහෙම තමයි ආදරේ පෙන්වන්න ඕනෑ කියල. ඒත් එතන තියෙන්නෙත් අධිපතිවාදය. රෑට උයන්නේ මොනවද තීරණය කරන්නේ එයා. ඉඳි ආප්ප හදන්නෙත් එයා, පිට්ටු හදන්නෙත් එයා. මට තියෙන්නේ බලාගෙන ඉන්ඩ, පොල් ටිකක් ගාන්ට, ලූනු සුද්ද කරන්ට. ඒ පිළිවෙත කෙනෙකුට පේන්ට පුළුවන් ස්ත්‍රී විමුක්තියේ පියවරක් විදිහට; ගැහැනියට හිමි කුස්සිය නෙමෙයි කියල පෙන්වන්ට. ඒත් ඒ ක්‍රියාවලියේ බොහෝම සූක්‍ෂම විදිහට තියෙන්නේ පුරුෂධිපත්‍යයි. එයා දරුවන්ගේ රෙදි හේදුව…ඒක හරි,හැබැයි එයා මගේ රෙදි හේදුවෙ ස්ත්‍රී විමුක්තිය කියල ඒ සඳහා ම නෙමෙයි. එයා ඒකෙන් මානසික වින්දනයක් ලැබුව. එයාට මම මගේ කිළි රෙදි කෑලි හෝදන්න දුන්න නෙමෙයි, දවස් කීපයේ ඒවා එකතු වෙනකොට එයා ඒවා හේදුවා, මාත් එක්ක ඇඳට ගියේ නැතිවට ඒ කලෙත් එයා ඒවා හේදුවා, එහෙම ලොකු ආස්වාදයක් වින්දා, මම දැකල තියෙනව, ඒ රෙදි හෝදනකොට එයාගෙ මූණ මලක් වගේ පිපිල, රෙදි කෑලි හෝදල මිරිකනකොට එයාගෙ ඇඟ ගැහෙනව, පස්සේ මලානික වෙනව, එයා එහෙම මානසික ලෙඩෙක්! මාත් එක්ක ඇඳට ගියෙ නැතිවට, හරියට ඇඳට ගියා වගේ ඒකෙන් ලිංගික ආස්වාදයක් වින්දා!

Additional information

Weight 300 g
book-author