Description

“ශ්‍රම කඳවුරේ හිටිය හිරකාරයන්ට මොකද වුණේ?” පසු බාමින් මෙන් ඇනා කැප්ටන් රොබට්ස්ගෙන් විමසා සිටියා ය. ජෝර්ජ් පිළිබඳ ඇගේ සිත සිත අවිනිශ්චිත බවකින් පිරී තිබුණේ, එදා ආච්චි අම්මාගේ ගෙදර ජනේලයෙන් බලන විට සිරකරුවන් තිදෙනෙකුගේ මළ සිරුරු දුටු බැවිනි.

“අර ගමෙන් ටිකක් එහාට වෙන්න තිබුණු අපාය ද? අනේ අසරණ යක්කු ටික. අපි කඳවුර යටත් කර ගනිද්දි සමහර අය වෙඩි කාලා මැරුණා. උන් පිස්සු හැදිච්ච රැළක් වගේ දුවන්න පටන් ගත්තා. කොල්ල කෑවා. මිනී මැරුවා. දූෂණ කරන්න පටන් ගත්තා.” කැප්ටන් රොබට්ස් පැවසුවේ ය.

“එත් කවුද එයාලට වෙඩි තිබ්බෙ?” ඇනා විමසුවා ය.

“අපියි ඒක කළේ”

Additional information

Weight 180 g
book-author