Description
විදේශිකයකු හා ශ්‍රී ලාංකික කාන්තාවක් අතර ඇති වන ආදර සම්බන්ධයක් වටා මේ කතාව ගෙතී තිබේ. ඔවුන් ආදරය කළ ද විවාහ වන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැත. ඒ ඔවුන්ගේ වෙනස් වටපිටාවන් නිසා ය. කෙසේ නමුත් මහලු වියේ දී ඔවුනට යළි එක්වන්නට අවස්ථාව උදා වේ. ප්‍රවීණ කතුවරියක වන අනුල ද සිල්වා විසින් ලියා තිබේ.
මනමේ නාට්‍යයේ මනමේ කුමාරයා මැරෙනව. සිංහබාහුවල සිංහයා මැරෙනව. මම නම් කැමතියි ඒ දුක් මුසු රසයට
ඔයාව කවදාවත් අමතක කරන්න බැහැ. ඒත් මෙහේ හිටියොත් දුකයි පාළුයි. සෝබෝන් ගිහින් වෙන කෙල්ලෙක් හොයා ගන්නවද? නැහැ. සදහටම නැහැ එතකොට අම්මගේ බලාපොරොත්තු අම්මා තේරුම් ගනීවි. මොනවද? ඇයි මං ආපහු බඳින්නේ නැත්තෙ කියලා. අම්ම පව් නෑ…