Availability: In Stock

අස්ථි නගරය – Asthi Nagaraya

SKU: 9789553727565

Rs.1,600.00

Description

City Of Bones

පහළොස් හැවිරිදි ක්ලැරී ෆ්‍රේ, පැන්ඩෙමෝනියම් සමාජශාලාව කරා පිටත් වන්නේ, මිනීමැරුමක ඇසින් දුටු සාක්ෂිකාරියක වීමේ අපේක්ෂාවෙන් නොවේ. එය ද, අමුතු පච්චා සළකුණු වලින් සිරුර වසාගත් ගැටවරයෝ තිදෙනෙක් සිදුකරන ඝාතනයක් වූ විට…!

පෘථිවියට ඇතුළුවන යක්ෂයින්ව පලවා හැරීමටත්, ඉබාගාතේ යන නර වෘකයින්ව සහ වැම්පයරයන්ව පාලනය කිරීමටත් සිය දිවි කැප කැප කර සිටින සෙවනැලි දඩයක්කරුවන්ව ක්ලැරීට පළමු වරට මුණ ගැසෙන්නේ එසේය. එමෙන්ම රන්වන් පැහැ කෙස් වැටියක් හිමි, කඩවසම් ජේස්ව ඇය මුලින්ම දකින්නේද එදා ය. ඉන් විසි හතර පැයක් ඉක්ම යන්නටත් මත්තෙන් ක්ලැරීගේ අම්මා අතුරුදන් වන අතර, ක්ලැරීට යක්ෂ ප්‍රහාරයක් එල්ල වන්නේ ඇයවද ඒ සෙවනැලි ලෝකය තුළට ඇද දමමිනි.

එහෙත්, ක්ලැරී වැනි සාමාන්‍ය මනුෂ්‍ය යුවතියක් යක්ෂයින්ගේ අවධානයට ලක් වූයේ කෙසේද?

ඇරත්, ඇයට එක්වරම දෘෂ්ටිය හිමි වූයේ කෙසේද?

මේවාට පිළිතුරු දැනගන්නට අවැසි වන්නේ සෙවනැලි දඩයක්කරුවන්ටය.

Additional information

Weight 720 g