Description

විසිවන ශත වර්ෂයේ මුල දී හම්බන්තොට උප දිසාපති ලෙස කටයුතු කළ ලෙනාඩ් වුල්ප් විසින් Village in the jungle (බැද්දේගම – ඒ.පී ගුණරත්න පරිවර්තනය) නමින් තමාගේ සේවා ලාභීන් වන ගිරුවා පත්තුවේ ගැමි ජනතාව ගැන ලියන ලද නවකථාවට පසුව ප්‍රාදේශීය පාලකත් දිසාපති කෙනෙකු ලෙස ලීල් ගුණසේකර විසින් ලියන ලද පෙත්සම, අත්සන, මං නැති දා යන නවකථා තුනෙන් රජරට නුවර කලාවියේ ගැමි ජනතාවගේ ජීවන සුසුම් මතු වේ.

ගැමි හදවත දත් රජයේ නිලධාරීන් නිසා රජරට ජනතාවට ආලෝකය උදා වන අයුරු අත්සනින් පෙනේ. දුක් කම්කටොළු තුළින් ලබන නිමේෂයක ආස්වාදය ඔවුන්ගේ සිත් තුළ සදාකාලිකව තැන්පත්වීමට හේතුවන මානුෂික ගති පැවතුම් පිළිබඳව මනෝවිද්‍යාත්මක නවකථාවකි අත්සන.

හැටේ දශකයේ අපේ සාහිත්‍ය ක්ෂේත්‍රය වල් බිහි වූ කලෙක එහි දේශීය සාරධර්ම වපුරාලීමට පෙත්සම නවකථාව හේතු විය. එකල සංස්කෘතික ක්ෂේත්‍රයේ නැවුම් සුවඳ විහිදවීමට උත්සුක් වූ සුලු දෙනාගෙන් කෙනෙකි එහි කතෘ ලීල් ගුණසේකර ඔහුගේ කෘතීන් ගණනින් අඩු වුව ද ගුණාත්මක බවින් පිරිපුන් ය.

ලංකා සිවිල් සේවය බැබළවූ දීප්තිමත් තරුවක් ලෙස ලීල් ගුණසේකර ප්‍රසිද්ධය. ඔහුගේ කීර්තිය දෙගුණ තෙගුණ වූයේ 1962 සාහිත්‍ය සම්මානයෙන් පිදුම්ලත්  පෙත්සම නවකථාව නිසා ය.

එදා මෙදා තුර ඔහු විසින් සංස්කෘතියට හා සාහිත්‍යයට කරන ලද සේවය අගය කර 2007 රාජ්‍ය කලා මහෝත්සවයේ දී ඔහුට දේශනේතෘ සම්මානය පිරිනමන ලදී.

සංවර්ධන පරිපාලනයේදීත්, සංස්කෘතික සාහිත්‍ය කටයුතුවල දී ත්, සමාජ සේවයේ දී ත් නිහතමානීව ලේඛන කලාවටත් ලේඛකයාටත් අතහිත දෙන කෘත හස්ත සහෘදයෙකු ලෙස ලීල ගුණසේකර අපි හඳුනමු.

Additional information

Weight 140 g
book-author