Description

‘අවුරුදු වගතුග’ උරුමය පුස්තිකා මාලාවේ හත්වැන්න ය. ඊට තේමාව වන්නේ ‘බක්මහ කෝණම’ පිළිබඳ තොරතුරු ය. අදින් වසර 100ක්  ඔබ්බෙහි හත්කෝරලයේ වැව්ගම්මානයන්හි බක්මහ සිරිත් – විරිත් කෙසේ සිදුවුණි දැයි මෙයින් විස්තර කෙරේ. ඒ අතර එම යටගියාවේ රසවත් තොරතුරු මෙන් ම ඒ හා බද්ධ වූ ජන සංස්කෘතියෙහි විචිත්‍රත්වය ද හඳුනාගත හැකි වේ. එය අද දවසට වැදගත් වූවකි. මක්නිසාද යත් අවුරුදු වත් පිළිවෙත් සම්ප්‍රදායක් වේ. ඒ අනුව අවුරුදු සම්ප්‍රදාය පරපුරින් පරපුරට පවත්වාගෙන ගියේ අනුගමනය කළ සිරිත් -විරිත් හා වත්පිළිවෙත් අනුව ය. ඒවා පිළි ගැනීමට බඳුන් වීම නිසා නො පැකිළ ව භාවිත කිරීමේ හුරුකම ද අපේ මුතුන්මිත්තෝ හඳුනා ගත්හ.

 

Additional information

Weight 100 g
book-author