Availability: In Stock

අවිකාරයින්ගේ කවිකාර ලියවිලි – Avikarainge Kavikara Liyawili

Rs.1,000.00

In stock

Description

යුද ගැටුම් පැවති බිමක බැලූබැල්මට ඇත්තේ ගිනිගෙන දැවුණු පරඩැල් බඳු ශේෂ වූ නටඹුන් ය. දෑසට ප්‍රිය උපදවන හෝ හදවතට සැනසිලිදායක කිසිවක් එහි ඉතිරි නොවේ. එහෙත් එවන් පරිසරයක් වුව සියුම්ව ගවේෂණය කරන්නේ නම් මනුස්සකම් රැඳි බොහෝ සංවේදී මතක සොයාගත හැකි වනු ඇත. වැසී ගිය යුද බිමක තොරතුරු ගවේෂණය යනු පොලව හාරා සිදු කරන්නක්ම නොවේ. එකී පරිසරයේ ජීවමාන අත්දැකීම් විඳිවුන්ගේ හදවත් හාරාද බොහෝ දෑ උකහාගත හැකිය. ඇතැම් විට ඒවා පොළොන්නරුව අනුරාධපුරය වැනි ඓතිහාසික ස්ථානවල කැණීම් කොට ලබාගන්නා නටඹුන් තරමටම වටින්නේ ය.

සීගිරියේ කුරුටු ගී ගැන ඉතිහාසයේ පටන් කතා කරයි. එසේම සිපිරිගෙය තුළ ද  නේවාසිකාගාර තුළ ද වෙනත් එවැනි වූ පොදු ස්ථාන වල ද ඕනෑතරම් කුරුටු ගී ලියවී ඇත. නමුත් ඒ සියල්ල අතරේ අවි ගැටුණු යුද බිම තුළ ද එවැනිම කුරුටු ගී විශේෂයක් ලියවී තිබුණු බව යුද බිමෙහි අත්දැකීම් ලැබූවන් හැරෙන්නට සමාජයේ වැඩි දෙනෙකු නොදනිති.

මරණය අහඹුවක් නොවූ රණබිම තුළ සෑම ක්‍රියාකාරකමක්ම සිදුවූයේ රණවිරුවන්ගේ දහඩිය, කඳුළු, රුධිරය පිරි සංවේදී මැදිහත් වීම් මතින් ය. විරුවන්ගේ සුසුස්මක උණුසුමත්, සිනහවක දීප්තියත් මෙම කෘතිය හරහා අංශු මාත්‍රයකින් හෝ පාඨක ඔබට දැනේ නම් මේ පොත වෙනුවෙන් මා ගත උත්සාහය සාර්ථක ය.