Description
ස්ත්‍රී දූෂණයක් කේන්ද්‍රීය හේතුකාරකය ලෙස ගනිමින් මුතුරත්න පවුලේ කතාවත් ඒ සමඟ දිග හැරෙන දේශපාලයත් මෙහිලා විග්රහ කෙරේ. 2016 ස්වර්ණ පුස්ථක සම්මානය සඳහා අවසන් වටයට නිර්දේශ වූ කෘතියකි.
සර් මේ මාසේ ඇඩ්රෙනලීන් හෝමෝනය උනා ඇයගේ මුහුණ රත් පාහ ගැන්වේ. එහෙත්,කුසේ ඇති මෙය මුවේ නැඟි විළියෙන් සැඟවී යන්නක් නොවේ. ඇය කතා කළ යුතුය. ‘සර්, මෙන්සස් වුණේ නෑ' ඇය තම අහිංසක පෙම්වතා වෙත බැල්ම ගෙන යයි.
‘දවස් කීයක් පමා ද?'
‘දැනට සති' ය ඇඟිලි තුනක් එසවූවාය.
‘තමාට වෙනසක් දැනෙනව ද?'
‘යටි බඩේ මස් පිඬු පෙරළෙනව දැනෙනවා'
‘එහෙම නම් මූත්‍රා පරික්ශාකරල, V O G ට තමයි පෙන්වන්න තියෙන්නේ, මට නෙමෙයි'
‘සර්, අපි තාම බැඳලා නෑ' වෛද්‍යවරයාගේ කාලය මුදල්ය. එහෙයින් ඉක්මන් විය යුතුය.
තමා තමාගේම කිරි දරු පැටව් කන බැළලියක බඳුයැයි එම ගැහැනු ළමයා සිතනවා විය යුතු ය.
එම පෙම්වතුන් යුවළ සමීපයේ හිටගෙන සිටි ඇයට තම දෙපා වෙවුලන බව දැනිණි. තම පපුවේ ගැස්ම ඇයට ඇසේ. ඇය අත දිගුකොට ලෙඩුන් සෝදිසි කරන ඇඳ අවුරා තිබෙන කඩතුරා රාමුව අල්ලා ගත්තාය. එම පෙම්වතුන් දෙපළගේ රුව ඇගේ ඇසේ බොඳ වේ.
‘සර් අපිට ඒක අයින් කරන්න ඕනෑ' එම ගැහැණු ළමයා තම පොපියන තොල් අතරින් කියනු ඇයට ඇසිණ.