Description
The Final Journey
යුදෙව් හා මාක්ස්වාදීන් එක්ව ලොව ජයගනු ඇතැයි රාවයක් පතළ වූයෙන් දුටු දුටු තැන එම පිරිස් ඝාතනය කිරීම හිට්ලර්ගේ අරමුණ විය. මේ අඳුරු රුදුරු යුගය අළලා පසුකාලීනව සාහිත්‍යයක් පවා බිහි වූයේ ය. ‘The Final Journey' එවැන්නකි.
ඇලිස් නම් යුදෙව් යෞවනිය වටා මේ කතාව ගොඩනැඟී ඇත. ඇගේ ආදරණීය ළබැඳියන් සැහැසි ලෙස උදුරාගත්තේ හිට්ලරගේ උමතු පාලනය මඟිනි. මිනිසුන්ට බැලීමට පවා අපුල දනවන සතුන් ගෙනයන දුම්රිය මැදිරියකට ගාල්කරන ආදරණිය ඇලිස්ගේ නවයොවුන් ලෝකය වහා කීතු කීතු වී යයි. එතැන් සිට ඝාතනය වෙනුවට ජීවිතය ඉල්ලා ඇලිස්ලා අයැද සිටින්නේ සුසුම් වලින් පමණි. ඇලිස්ගේ ‘අවසන් ගමන' අපේ ජීවිත වලට බොහෝ දේ කියා දෙයි.