Description

Benita

වසර තුන්සීයකට පෙර පෘතුගීසීන් විසින් වළලන ලද මහ ධන නිධානයක් සෙවීම සඳහා චාරිකාවක යෙදෙන බෙනිටා බියට්‍රික්ස්, ඇගේ පියා සහ ජාකොබ් මේයර් නම් වූ ජර්මන් යුදෙව්වා, බම්බාස්ටේහි භූතාත්මය අධිගෘහිත කර ගත්  මාකලන්ගා ගෝත්‍රිකයින් ගේ අඩවියට යති.

සැන්සිබාර් නෞකාවේ ද රොබට් සිමර් නමැති දඩයක්කරු, බෙනිටා හා සමීප සබඳතාවක් ඇති කර ගනු ලැබුව ද නෞකාවේ විනාශයත් සමඟ යට ඔහු ගෙන් වෙන් වීමට සිදු වෙයි.

නිධානය සෙවීමට යාමේදී බෙනිටා සහ ඇගේ පියා උපද්‍රව රැසකට මුහුණ දෙති. එහි දී ඇගේ ආරක්ෂාවට ඉදිරිපත් වන්නේ වසර තුන්සියකට පෙර මිය ගිය බෙනිටා ඩා ෆෙරෙයිරා නමැති පෘතුගීසි තරුණියගේ භූතාත්මය හෙවත් බම්බාස්ටේහි භූතාත්මය යි.

මෙය රයිඩර් හැගාර්ඩ්ට සුපුරුදු විචිත්‍රාත්භූත රීතියේ අප්‍රිකානු වික්‍රමාන්විතයකි.

Additional information

Weight 375 g
book-author