Description

සිංහල පරිවර්තන සාහිත්‍යයේ විප්ලවයක් සිදු කළ මේ “බිම්ගෙයි සිරකරුවා” නමැති ග්‍රන්ථය, සැබවින්ම පරිවර්තන කලාවේ අග්‍ර ඵලයක් ලෙස සැලකිය යුත්තකි. රුසියානු සාහිත්‍යයේ එන ශ්‍රේෂ්ඨ සාහිත්‍ය ධරයන් සියල්ලන් ම නියෝජනය වන මේ ප්‍රශස්ත පරිවර්තන කෘතිය, අවුරුදු පසළොසකට අධික කාලයක් තුළ විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගයටත් උසස් පාඨශාලා සහතික පත්‍ර විභාගයටත් නිර්දිෂ්ඨ පාඨ ග්‍රන්ථයක් වී ය. මේ රටේ තරුණ පරම්පරාව රුසියානු සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨත්වය පළමු වන වරට වටහා ගත්තේ මේ ග්‍රන්ථයෙනි. එ කල මේ පොත පරිශීලනය කොට, අද උගතුන් හා මහා සාහිත්‍ය ධරයන් බවට පත් වී සිටින සාහිත්‍ය ලෝලයන්ට, මේ පොතේ පිටු ගණන් කට පාඩමින් කිව හැකි ය. භාෂා ප්‍රයෝගවලින් ද,  විවිධ රචනා ශෛලිවලින් ද, නිරවද්‍ය ව්‍යාකරණ විධිවලින් ද සමන්විත මේ මහාර්ග සාහිත්‍ය ග්‍රන්ථය, සෑම සාහිත්‍ය කාමියෙකු වෙත ම, සෑම පුස්තකාලයක ම තිබිය යුත්තකි.

Additional information

Weight 430 g
book-author