Description

දරුවන්ට භාෂාව හා ගුණධර්ම ඉගැන්වීමටත් ඔවුන්ගේ චිත්ත ධෛර්ය වර්ධනය කිරීමටත් ජනකතා හා අද්භූත කතා වස්තු ඇතුලත් කථාන්තර උපයෝගී කොට ගැනීම ඉතා හොඳ අධ්‍යාපන ක්‍රමයක් බව මනෝ විද්‍යාඥයන්ගේ අදහසයි.

මාර්ටින් වික්‍රමසිංහ විසින් දරුවන් උදෙසා ලියන ලද සියලුම ළමා කථාවන්හි අරමුණ වී ඇත්තේ කියවීමේ රුචිය ඇති කිරීම හා ගුණධර්ම වැඩීමයි.

ගල්ලෙනක් තුළ සිර කර තැබූ අහිංසක ළදැරියක ඉන් මුදාගත් රාජ කුමාරයෙකුගේ වීර ක්‍රියා ගැන කියැවෙන දඩුමොණරය ද පාසල් දරුවන් තුළ කියවීමේ ආශාව වඩවන ළමා කතාවකි.

”ලොකු පුදුමයකි! පිපුණු මල මැද්දේ මාපට ඇඟිල්ල උරමින් සිටි ඉතා ශෝභන කුමාරියකි! කුඩා දරුවෙකු දුටු කෙනෙකුන් තුළ ඒ දරුවාට ආදරයක් හට ගැනීම සිරිතකි. ඇඟිල්ල උර උරා බොන කුමරිය දුටු හැටියේ තාපසයා තුළත් ඈට ලොකු ආදරයක් හට ගත්තේය. ඔහු කවමින් පොවමින් නාවමින් කුමාරිය ඇති දැඩි කළේය. මේ කුමාරිකාව වැඩි වයසට පැමිණි කල සුරංගනාවක් පරදවන තරම් ශෝභන වී ය.”

Additional information

Weight 60 g
book-author