Availability: In Stock

දෛව – Daiwa

SKU: 9789553102157

Rs.450.00

In stock

Description

ඈ ආපසු හැරී තම නිවස දෙස බැලුවාය. කුඩා ලී ගේට්ටුව වසා තිබිණි. ඉන් එහා මිදුලට ඇතුළුවන්නට මල් ආරුක්කුවක් වේ. නිවසේ ඉදිරි දොර දකුණු පසින් හතළිහේ අමු විදුලි බුබුලක් දැල්වේ. රවින්ද්‍ර හෙල්මට් එක පැළඳ ගත්තේය. ඈලිගෙට්ටුවේ කොක්ක පන්නා මිදුලට ඇතුළු වූවාය. මල් ආරුක්කුව යටින් ගොස් ඇය ගෙට ඇතුළුවන තුරු ඔහු බලා සිටී. බියෙන් හැකිලී තම උරයේ එල්ලී ආ ඇගේ විලවුන් සුවඳද, උණුසුම ද තමා ළඟ තවම වෙතැයි ඔහුට හැඟේ. තමා ඈ රැගෙන ආ බව අන්‍යයන්ට නොකියන ලෙස ඈ ඉල්ලයි. ඒ ඇයි? තමා යා යුතුව ඇතත් එන්ජිම පන ගන්වන්නට සිත් නොදේ. අත්බෑගයෙන් යතුරක් ගෙන ඈ දොර විවර කරනු ඔහු බලා හුන්නේය. බයිසිකලයෙන් බැස ඈ පසුපස යාමට ඔහුගේ හිත කියයි. එහෙත් එසේ යා නොහැකි ය. ඈ ගෙට ඇතුළුව දොර වසාගත් පසු බයිසිකලයේ එන්ජිම පන ගන්වන්නට රවීන්ද්‍ර සූදානම් ය. දොර විවර කළද ඈ ඇතුළට ගොස් දොර වසා නොගනී. ඈ ගෙට නොයන්නේ ඇයි? රවීන්ද්‍ර බයිසිකලයෙන් බැස සයිඩ් ස්ටෑන්ඩ් එක ගසා සිට ගත්තේය. ඒ ආවේගය ඔහු හඳුනයි. ඊට පිටුපෑමට ඔහුට නුපුළුවන.

Additional information

Weight 320 g
book-author