Description

Mahashweta

ගැමි රූමතියක හා නාගරික ධනවතෙකු අතර විවාහයේ ඛේදවාචකය පිළිබිඹු කරන, සම්මානනීය ඉන්දියානු ලේඛිකා සුධා මූර්ති ලියූ ‘මහාශ්වේතා’ නවකතාවේ සිංහල පරිවර්තනයයි.

නිදන කාමරයට ගිය ඈ එහි දොර වසා ගත්තා ය. එහෙත් අගුල නොදැම්මා ය. ඇය තමා හැඳ සිටි සාරිය ගලවා දමන්නට සූදානම් වනවාත් සමඟ ම සැණෙන් අත් දෙකක් ඇගේ උරහිස් මත පටිට වනු ඇයට දැනිණි. එසැණින් ඔහු කවුදැයි තේරුම් ගත ඈ  මහත් බියට පත් වූවා ය. කුමක් කළ යුතු දැයි නොදත්තා ය.

ඉතා අමාරුවෙන් ඔහුගේ ග්‍රහණයෙන් මිදුණ ඈ ඔහු දෙසට හැරුණා ය. හැරීගේ මුහුණේ වූයේ මඳ සිනහවකි. අලුත් සාරියකින් සැරසී සිටි ඇය කොතරම් චමත්කාරජනක රූ සපුවකින් හෙබි ලලනාවක් දැයි ඔහුට සිතුණි. අනුපමා කෝපයෙන් වෙවුලුවා ය. එහෙත් කෝපයට පත් වූ අනුපමා තව තවත් ලස්සන වී ඇතැයි හැරී සිතුවේ ය.

Additional information

Weight 300 g
book-author