Availability: In Stock

දිව්‍යාශිංසන – දෙවන වෙළුම

SKU: 9786245579785

Rs.2,100.00

සන් ලං නම් වූ මනබන්දනිය යෞවනයා වනාහි සියලු සවර්ගිය දෙවිවරුන්ගේ නොමනාපයට පාත්‍ර වූ, චතුර් මහා විපර්යාය නාම ලාභී, කුප්‍රකට අසුර රජ හුආ චෙංම බව ෂිඑ ලියාන් සහතික කොට ගත්තා ය.

ISBN: 9786245579785
Categories: , , , , Tag:

Description

Heaven Official's Blessing – දිව්‍යාශිංසන – දෙවන වෙළුම

Tian Guan Ci fu 2

සන් ලං නම් වූ මනබන්දනිය යෞවනයා වනාහි සියලු සවර්ගිය දෙවිවරුන්ගේ නොමනාපයට පාත්‍ර වූ, චතුර් මහා විපර්යාය නාම ලාභී, කුප්‍රකට අසුර රජ හුආ චෙංම බව ෂිඑ ලියාන් සහතික කොට ගත්තා ය.

එහෙත් තවමත්, කතන්දරවල සිටින බිහිසුණු අසුරයාත්, තමාට හමු වූ සුහුරු, ආකර්ෂණිය, රක්ෂක ගුණයෙන් හෙබි යොවුන් තරුණයාත් අතර ගැළපිමක් දැකීමට ඔහ අපොහොසත් වී තිබිණි.

මේ අතර අනපේක්ෂිත අනතුරු සංඥාවක් හේතුවෙන් භුතපුරය වෙත යාමට ෂිඑ ලියාන්ට මඟ හෙළි වේ. මළවුන්ගේ ලොවෙහි සියලු භයංකාරයන් සහ ආස්වාදයන් කැටි වූ මේ ජනාකීර්ණ පුරවර පෙදෙසේහිදී, හුආ චෙංගේ නිජබිම වූත් බල ප්‍රදේශය වූත් භුමියෙහි දී ම ඔහු දැක ගැනීමට ෂිඑ ලියාන්ට අවස්ථාව එළඹේ. පළමු වරට, හුආ චෙංගේ සැබෑ ස්වරූපයද ඔහු අබියස නිරාවරණය වන්නේ ය.

එනමුත්, ඔවුන් අතර වූ සමීප බැඳීම සහ කුලුපගභාවය කොතෙක් වුවත්, පරිපූර්ණ කළ යුතු ක්‍රියාදාමයන් ද, හෙළි කරගත යුතු රහස්ද බොහෝ ය. එපමණක් නොවේ. ෂිඑ ලියාන්ගේ ශතවර්ෂ ගණනාවක් පැරණි, අන්ධකාර අතීතයද නුදුරේදීම හෙළිවන ලකුණු පහළ වී ඇත්තේ ය.