Description
Dracula Has Risen From The Grave
මීට වසර කිහිපයකට පෙර ඒ බිහිසුණු ශාපය මෙලොවින් තුරන් වී ඇතැයි ලාක්ස්බරි ගම්වාසීන් සිතා සිටියහ. එහෙත් එක් අඳුරු දිනයකදී සිදුවූ සිදුවීමක් නිසා යළිත් ලාක්ස්බරි ගම්මානයේ වටා භීෂණය රජයන්නට විය. ලේ පිපාසිතයාගේ හෝරාව යළිත් උදා වී තිබිණි.
ගම්මානය පුරා දක්නට ලැබුණේ ලේ උරා බී මරා දමා තිබූ තරුණියන්ගේ මළ සිරුරුය. අසන්නට ලැබුණේ ගැමියන්ගේ අඳෝනාත්මක හඬ ය.
“ඔහු අවදිව සිටියේය…..”
අන්ධකාරයේ කුමාරයා යළිත් සිය අණසක පැතිරවීම සඳහා පැමිණ සිටියේය. ඔව්…. මල නොමළවුන් තව තවත් සිය අන්ධකාර රාජධානියට එක් කර ගැනීම සඳහා ඔහු යළිත් වරක් අවදි වී සිටියේය.
එංගලන්තයේ සුප්රකට Hammer Film Productions වෙතින් 1968 වසරේ නිෂ්පාදනය කළ Dracula Has Risen From The Grave නමැති චිත්රපටයේ තිර නාටකය ඇසුරින් නිර්මාණය වූ භීෂණ නවකතාවයි “ඩ්රැක්යුලා සොහොනෙන් නැගිටියි”