Availability: In Stock

දුර්යෝගය – Duryogaya

SKU: 9789553114839

Rs.600.00

In stock

Description

සයනය කෙළවරේ වූ කුඩා ටීපෝව මත වීදුරු මල් බඳුනේ අතු රිකිලි කිහිපයක් හා බාබන්ඩේසියා මලක් විය. ජනේලයේ ලේස් තිරපට මඳ  පවනේ පැද්දිණි. කුරුඳු මුසු මල් පරාග සුවඳකින් අනෝමාගේ පෙණහළු පිරී ගියේ ය.

ඈ දොර රෙද්ද අත හැර බිත්තියට පිටදි දෑස් පියා ගත්තාය. අනතුරුව සිහිනයෙන් ඇවිද යන්නියක සේ සාලය කෙළවර කුඩා කවුළුව අසලට ආ ඕ මහන මැෂිම දෙස මොහොතක් බලා සිටියා ය. අඬක් මැසූ ඇඳුමක් මැෂිමේ ලෑලි තට්ටුව මත දිග හැරී ඇත. කුඩා සුදු මැෂින් තෙල් කෑනය අසල කතුරද මිනුම් පටියද වේ. අනෝමා පෑළ දොරින්ම පිටව ආපසු ආවා ය.

මුලදි  වේගයෙන් ගමන් කළ ද, තුරු ලතාවෙන් සෙවණ  වූ දෙවටේ දී ඇගේ ගමන බොහෝ බාල විණි. අතු පතර කොළ වියන මත රන්වන් හිරු එළිය ඉහිරී ගොසිනි. සුදු පැහැ පත්‍ර නාරටි සමමිතිකව බෙදී තුනී වී යයි. දෙපස ළං ළංව වැවුණු සිහින් ගස් කඳන් බදා වැළඳ එතුණු පඹ වැලින් ගහන එක් තැනක නැවතුණු ඕ ඇඟිලි තුඩින් ඒ පලා පැහැය ස්පර්ශ කළා ය. කුඩා පැණි කුරුල්ලෙකු ඇගේ අතැඟිලි අග ගෑවි නොගෑවී ඉඟිලිණී. උගේ කැදැල්ල තිබෙනු ඇත්තේ මේ අසලක විය යුතුය. එහි කුඩා නිල පැහැ කුරුලු බිත්තර මත අත්තටු විදහාගෙන උණුසුම් කරමින් කිරිල්ල සිටිනු ඇත.

Additional information

Weight 275 g
book-author