Description

ද්විත්ව ශීර්ෂ සර්පයෙකු ගේ හැඩය ගත් ස්වර්ණ රසනාදාමයකින් ඉඟටියට තබා බඳිනා ලඳුව, ඇඟටම ඇලී ගිය සුදෝ සුදු ප්‍රාවරණයකින් ඈ සැරසී සිටියා ය. ඇය ගේ අක්බඹරු කාල වර්ණ ඝණ කෙස් කළඹ, කළු පලිඟු දිය දහරක් සෙයින්, රැලි දෙමින්, පාදාන්තය දක්වා වැගිරී තිබිණ. එහෙත් දඬු අඬුවකට මෙන්, මගේ දෙ නෙත හසු වී තිබුණේ, ප්‍රභා මණ්ඩලයක් මෙන් දිදුලූ ඇයගේ මුහුණට ය. අතිශයින් ම රූමත් ඒ මුහුණෙන් පළ වූ වේදනාවත්, අන්ධ අනුරාගයත්, පළිගැනීමේ භයංකර චේතනාවත් අතිබිහිසුණු වුයේ ය. ඈ මෙ පරිද්දෙන්,හිසට ඉහළින් දෑත් ඔසවාගෙන, මොහොතක් සිටගෙන සිටියා ය. ඉක්බිති ව එක වර ම ප්‍රාවරණය, ස්වර්ණ රසනාදාමය තෙක් ගිලිහී වැටිණ. එ කෙණෙහි ම,ඇයගේ අග්‍ර කායයෙන් විහිදී යන්නට වූ කාන්ති ප්‍රවාහයෙන් මගේ දෙ නෙත නිලංකාර වී ගියේ ය. අනතුරු ව දිස් වුණු, ඇය ගේ අතුල්‍ය, අනුපමේය, අලෞකික රූප සෞන්දර්යයෙන් මම වශී වීමි. ඇය ගේ ඒ අභිරමණීය රූපලාවන්ය, සැබැවින් ම වර්ණනා විෂයාතික්‍රාන්ත වී ය.

Additional information

Weight 330 g
book-author