Description

Eva Luna

1942 දී පේරු රටේ උපත ලද ඉසබෙල් අයියන්දේ 1973 ම ජීවත් වුණේ චිලී රටේ ය. ඇය නවකතාකාරියක වූයේ අහම්බෙනි. ඇගේ මාමණ්ඩිය වූ ත්, පාර්ලිමේන්තු ක්‍රමයෙන් බලයට පත් ලෝකයේ ප්‍රථම මාක්ස්වාදියා වූත්, සැල්වදෝර් අයියන්දේ, විලියානු හමුදා ජුන්ටාවක් මඟින් ඝාතනය කරනු ලැබීමෙන් අනතුරුව ඇය රට හැර පලා ගියා ය. එතැන් සිට වෙනිසියුලාව ඇතුළු ලතින් ඇමෙරිකානු රටවල් කිහිපයක කලින් කලට ජීවත් වූ ඈ, කුඩා කල තමාට සුන්දර කතා කියා දුන් ආච්චි අම්මා මළ පුවත අසා  සේ කම්පාවට පත්ව,  අස්වැසීමක් ලබන්නට ඈ වෙනුවෙන් කෙළවරක් නැති ලියුම් ලියන්නට වූවා ය. ඇය නවකතාකාරියක වීමේ බීජ වැඩුණේ එතැනිනි. එතෙක් වෘත්තීය පුවත්පත් කලාවේදිනියක වූ ඈ එතැන් සිට සිය මුළු කාලය නිර්මාණකරණය වෙනුවෙන් යෙදෙව්වාය. 1985 දී ඇය ලියූ The House Of The Spirits නම් වූ දේශපාලන නවකතාව ඇය වෙත ලෝක කිර්තිය ගෙනාවේ ය. එතැන් සිට ඇය ලියූ සියලු නවකතා (Of Love And Shadows, Eva Luna, Stories Of Eva Luna, The Infinite Plan) මේ වන විට ලෝකයේ සියලු ප්‍රධාන භාෂා වලට පරිවර්තනය වී ඇත. ඉන් සමහරක් චිත්‍රපටයට ද නඟා තිබේ.

Additional information

Weight 500 g
book-author