Description

A Sound Of Thunder

මනුෂ්‍යයා කාලය තමාට රිසි සේ හසුරුවන්නට උත්සාහ කරද්දී, ඔහු අතින් සිදුවන ඉතා සුළු අත් වැරදීමකින් වුව කෙතරම් නොසිතූ විරූ අන්දමේ ප්‍රතිඵල සිදුවිය හැකි ද?

ලෝකයට ජීවය සපයන සූර්යයා යම් දවසක විනාශ ව ගියහොත් මනුෂ්‍ය සංහතියට කවර ඉරණමක් අත්වනු ඇත් ද?

මනුෂ්‍ය ජීවිතයට අහිතකර දුර ඈත ලෝක ගවේෂණය කරද්දී, කෘතිම බුද්ධියෙන් සමන්විත යන්ත්‍ර මිනිසාට කෙතරම් සහයක් වනු ඇත් ද?

මනුෂ්‍යයාගේ බලකාමය හමුවේ මේ මිහිකත යුධ සංග්‍රාම වලින් විනාශ ව ගිය හොත්, මිනිසාගේ පැවැත්ම කෙසේ වනු ඇත් ද?

මෙයාකාරයේ විවිධාකාර ප්‍රශ්නවලට විද්‍යාත්මක ව ද, දාර්ශනික ව ද පිළිතුරු සපයමින් ලෝකයේ කීර්තිමත් ම විද්‍යා ප්‍රබන්ධ ලේඛකයන් සත් දෙනකු විසින් ලියන ලද විශිෂ්ට කතා එකතුවක් වන මෙයින් පාඨකයාගේ පරිකල්පනය නව මානයකට රැගෙන යනු ඇත.

Additional information

Weight 310 g
book-author