Description
සාක්කුවේ වූ ලූගර් වර්ගයේ පිස්තෝලය යළිත් වරක් මෘදු ලෙස ස්පර්ශ කළ ත්රාස දිගු හුස්මකින් ලය පුරවා ගත්තේ ය. හදිසියකදී ටෝනිට ක්ෂණිකව ක්රියාත්මක වීමට හැකි වේවා යි යන ප්රාර්ථනය සිතේ දරාගෙන ත්රාස සෙමෙන් දොර පසුපසට තල්ලු කළේ ය. එක්වර ම ක්ෂණික පහරදීමක් ඔහු මෙහිදී බලාපොරොත්තු වූ නමුත් එවැනි කිසිවක් සිදු වූයේ නැත. ඔහු කාමරය තුළට කර පොවා බැලුවේ ය. ඔහුගේ පුදුමයට හේතු වන පරිදි එය හිස්ව තිබුණි.