Description

එවකට විසිදෙවන වියේ පසු වූ ට්‍රව්ඩ්ල් යුන්ග් බැලේ නාට්‍යා නාට්‍යට්යාංගනාවක් වීමට සිහින මවමින් සිටි අතර, අහම්බෙන් මෙන් ඇයට ඇඩොල්ෆ් හිට්ලර්ගේ ලේකම්වරියක වන්නට අවස්ථාව ලැබුණි. වර්ෂ 1942 සිට ඔහුගේ මරණය දක්වා බංකරය තුළ ඔහු අසළ රැඳෙමින් ඔහුගේ ලිපි -ලේඛන, දේශන වෙනකක් තබා ඔහුගේ පෞද්ගලික සහ දේශපාලනික අන්තිම කැමති පත්‍ර පවා යතුරු ලියනය කරන ලද්දේ ඇය විසිනි.

එහෙත්,හිට්ලර්ගේ නාසි රාජ්‍යයේ මිනීමරු ස්වභාවය ඇයට දැනගන්නට ලැබුණේ යුද්ධය අවසන් වූවාට පසුව ය. ඇය කොතරම් සසල වූවාදැයි කිවහොත් කෘරතම අපරාධකාරයාට ළෙන්ගතු වීම කෙරෙහි ඇය තුළ පසුතැවිල්ලක් ඇති විය.

ඇගේ මෙම කෘතිය ප්‍රකාශයට පත් වීමෙන් දින කීපයකට පසු, වර්ෂ 2002 පෙබරවාරි දෙවැනි දින ඇය මෙලොවින් සමුගත්තා ය.

Additional information

Weight 275 g
book-author