Description
ගුරු ගීතය – Guru Geethaya
ගුරු ගීතය පොතෙහි විස්තර කෙරෙන සිද්ධීන්, කිර්ගීසියාවේ සෝවියට් බලය ස්ථාපනය වීමේ කාලය වූ විසි ගණන්වලට අයත් වේ. තරුණ අල්තිනායිට සහ ඈත කඳුකරයේ වුසූ කිර්ගිස් ජාතිකයින්ට සෝවියට් දේශයේ නීති ගෙනා තරුණ ගුරුවරයෙකු වූ දුයිෂේන් හමු වූයේ මෙම කාලයේ දී ම ය. තම තරුණ විය හා පළමුවැනි ආලය ගැන අල්තිනායි විසින්ම ඉදිරිපත් කෙරෙන, විස්තරයක් ලෙස මෙම පොත ලියා ඇත.
එය, එක අතකින් බලන විට ප්‍රේමයේ පූජනීයත්වයට දිය හැකි හොඳම උදාහරණයක් සේද අපට දැකිය හැකිය. දුයිෂෙන් දෙස බලන ඕනෑම කෙනෙකු නගන ප්රශ්නය වනු ඇත්තේ ප්‍රේමය පූජනීය නොවිය හැක්කේ කවර නම් තතු යටතේද යන්නය. ලොව, ගුරුවරුනට ලබාගත හැකි පරමාදර්ශය ගුරු ගීතයය. ප්‍රේමය යනු කුමක්දැයි වටහා ගැනීමට වුවමනා නම් ඒ සඳහා ඇති හොඳම පරමාදර්ශයක් වන්නේද ගුරු ගීතයමය.
”උඹ බය වෙන්න එපා අල්තීනායි. ”ඔහු සිනාසුණේය. ”මා ඉන්න තුරු උඹ කාටවත් බය වෙන්න එපා. ඉස්සර වගේම ස්කොලේ වරෙන්. ඉගෙන ගනින්. වෙනින් දේවල් ගැන කල්පනා කරන්න එපා. මම දන්නවා උඹ හරි බියගුල්ලි. ඒ ගැන කියන්න හිටියේ මීට කලින්..”